විදෙස් ගමන්බලපත්‍ර ගාස්තුව ජුනි 01 සිට සංශෝධනයට

මැයි 31, 2019

    විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පවසයි.

    ඒ අනුව සාමාන්‍ය ගමන් බල පත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව ඇපියල් 3000 සිට රුපියල් 3500 දක්වා ඉහළ දමා ඇත.

    එක්දින ගමන් බලපත් සේවාව සඳහා දැනට අය කරන රුපියල් 10,000 ගාස්තු රුපියල් 15,000 දක්වා ද වයස අවුරුදු 16න් පහළ ළමුන්ගේ ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා ද, එක්දින සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා ද ජුනි 01 වැනි දින සිට වැඩි කර තිබේ.

    විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය කිරීම සඳහා අයකළ රුපියල් 500 ගාස්තුව රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇත‍.

    Latest News