මෝටර් රථවලින් තොර දිනයක්

ජූලි 07, 2019

    ලංකාවේ ප්‍රථම වරට කොළඹ නගරයේ ප්‍රදේශයක මෝටර් රථවලින් තොර දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ලබන ඉරිදා උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා මෙය ක්‍රියාත්මකයි. කොළඹ ග්‍රීන්පාත්හි ජාතික පුස්තකාල වටරවුම, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මාවතේ කොටසක් සහ නිදහස් මාවත මීට අයත්වේ. මෙම වැඩසටහන නෙදර්ලන්ත තානාපති කාර්යාලය අනුග්‍රහයෙන් පැවැත්වේ. එහිදී එම ප්‍රදේශයේ ගමන් කිරීමට හැකිවන්නේ පාපැදි, ස්කේට් බෝඩ් වැනි මෝටරයකින් ක්‍රියාත්මක නොවන ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිතයෙන් පමණි. මීට අදාළ මාධ්‍ය සාකච්ජාවක් පැවැති අවස්ථාවේ නෙදර්ලන්ත තානාපතිනිය ඊට සහභාගිවීම සඳහා පැමිණියේ පාපැදියකින්.

    මෙයට සහභාගිවීම සඳහා බාල-මහලු සියලු දෙනාට ආරාධනා කරන බව, කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය.

    Latest News