අද පස්වරු 2.00ට එම සභාව රැස්වීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. මීට පෙර එම විශේෂ කාරක සභාව හමුවේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙන්ම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතාත්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදීම සිදුකළේය.