ආනන්ද සමරසේකරට එරෙහිව තාජුඩීන් ඝාතන සිද්ධියට නීතිපතිගෙන් අධි චෝදනා (විඩියෝ)

අගෝ 07, 2019
  • කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, ආනන්ද සමරසේකර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකර තිබේ.

    ඒ වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්‍ෂියක් විනාශ කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින්. 2012 වසරේ මැයි 17 වැනි දින කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිලිස්සෙමින් තිබූ වාහනයක තිබී මියගිය වසීම් තාජුඩීන්ගේ මළ සිරුර සොයා ගෙන තිබිණ. ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම විත්තිකාර සමරසේකර මහතා වෙත පැවරී තිබුණ ද, ඔහු එම කාර්යයට සක්‍රීය ලෙස දායක නොවී ඔහුගේ කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකු ලබා එය සිදුකර ඇති බව, පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

    පසුව, අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමේදී, සිරුරෙන් ඉවත් කරගත් වැදගත් අස්ථි කොටස් දෙකක් අස්ථානගත කොට මෙහි වැදගත් සාක්ෂියක් විනාශ කර ඇති බවට චෝදනා කරමින්, වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර ඇතැයි, නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 16:14

    Latest News