මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුව ජනවාරි මස 20 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙසයි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නම් කර තිබෙන අතර ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.