මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේ දී ‍නාවික හමුදාව යොදා ඇති මාර්ග බාධකයේ දී සුඛෝපභෝගී ජීප් රථයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගැනිණ. ජිප් රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේ දී රථය නාවික හමුදාවේ අණ නොතකා පලා යාමට උත්සාහ කර තිබේ.

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිණ.

මරදාන, ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්වූ ජීප් රථය පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා කිලෝ 68ක් තිබී සොයාගෙන තිබේ. අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 3.00ට පමණ.

කනගරායන්කුලම් , මී කණුව අසළ දී ගංජා කිලෝ 13ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News