වසර 8කට පසුව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සැප් 08, 2021

    සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (7) සමත් විය.

    ඒ අනුව, 2013 වසරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. මෑත කාලය තුල ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 5 අතර සිටින කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ගත් පළමු ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයක්.

    එසේම, මේ ජයග්‍රහණයත් සමඟම ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 10ක් දිනා ගනිමින් 9 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය.

    c2e0b5ec score card

    Latest News