ජය පරාජයෙන් තොරව අවසන්වූ පාපන්දු තරඟය

සැප් 05, 2024

    ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

    මෙය පැවැත්වුණේ, 2027 වසරේ ආසියානු පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගයක් ලෙසයි.

    තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී. පළමු අර්ධය නිමා වූයේ දෙපිලම ගෝල වාර්තා කිරීමට පෙරයි.

    දෙවන අර්ධයේදී ද කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත්වීම හේතුවෙන් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

    අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක මෙහි දෙවැනි අදියර ලබන 10 වැනිදා පැවැත්වෙන්නේ, කාම්බෝජයේදී.

    මේවන විට පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව, කාම්බෝජයට ලොව 180 වැනි ස්ථානයත්, ශ්‍රී ලංකාවට 205 වැනි ස්ථානයත් හිමිව තිබෙනවා.

    Latest News