එෆ්.ඒ. පාපන්දු කුසලානය යුද හමුදාවට

දෙසැ 02, 2018

    එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය.

    ඔවුන් මෙම ශුරතාව දිනූ තුන්වැනි අවස්ථාව මෙයයි. අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී. ඊට යුද හමුදා සහ සෝන්ඩර්ස් කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ. තරගයේ 17 වැනි සහ 27 වැනි මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් වාර්තා කිරීම හේතුවෙන් පළමු අර්ධය නිමාවන විට ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණේ පසුවිය.

    ඒ ගොල 2-1ක් ලෙස දෙවැනි අර්ධයේ දී යුද හමුදාව තවත් ගෝල 2ක් ලබා ගත්තේය. ප්‍රතිවාදී සෝන්ඩර්ස් ක්‍රීඩකයින් එම අර්ධයේ දී ලබා ගත්තේ එක් ගෝලයක් පමණි. ඒ අනුව ගෝල 4-2ක් ලෙස තරගය ජයගනිමින් යුද හමුදාව ශුරතා දිනා ගැනිමට සමත්විය. යුද හමුදාව වෙනුවෙන් මොහොමඩ් ඉසඩීන් ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර, අනෙක් ගෝල දෙක ලබාගත්තේ ජෙසුරාජ් බර්නාඩ් සහ කසුන් ප්‍රදීප්.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 20:09

    Latest News