අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 14,766 දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුළ සිදු වූ මරණ 1925ත් සමගයි. කෙසේ වෙතත් වෛරසය මුලින්ම ආරම්භ වූ චීනයට පක්ෂපාතීව ක්‍රියාකළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට පසුගිය දා චෝදනා කළේය. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාව ලබා දෙන අරමුදල් ඉදිරියේදී, ලබා නොදීමට කටයුතු කරන බවයි, ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ.
එම චෝදනාවෙන් ප්‍රතික්ෂේප කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනම් කියා සිටියේ පවතින තත්වය දේශපාලනීකරණය කිරීම නතර කරන ලෙසයි.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම ජාතියක් සමඟම එකසේ සමීපව කටයුතු කරන බව ද අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර තිබේ.