ආමේනියා - අසර්බයිජාන සාම ගිවිසුමකට

ඔක් 10, 2020

    ආමේනියාව සහ අසර්බයිජානය සාම ගිවිසුමකට එකඟ වී තිබේ.

    ඒ අනුව අද සිට නගර්නෝ කරබා ප්‍ර දේශයේ යුද ගැටුම් නවතාලීමට දෙපාර්ශවය එකඟ වූ බව, රුසියානු විදේශ අමාත්‍යවරයා නිවේදනය කළේය.

    රුසියාවේ මැදිහත්වීමෙන් දෙරට අතර සාකච්ජා පැවැත්විණ. ඒ මොස්කව් අගනුවරදී.

    රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ්ගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිය.

    සාකච්ජාව පැය 10ක් පැවැත්විණ.

    එරට වේලාවෙන් අද දහවල් 12.00 සිට සටන් නතර කිරීමට එකඟ වුණේ, ඉන් අනතුරුවයි.

    සිරකරුවන් හුවමාරු කරගැනීම සහ මියගිය අයගේ සිරුරු අදාළ පාර්ශව වෙත ලබාදීමට ඉන් ිනතුරුව කටයුතු කෙරුනු ඇත.

    පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වුණු මෙම ගැටුම් හේතුවෙන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

    ගැටුම් හටගත් නගර්නෝ කරබා ප්‍රදේශය ආමේනියාව විසින් පාලනය කරන නමුත්, එහි අයිතිය හිමිවන්නේ, අසර්බයිජානයටයි.

    ගැටුම් ඇතිවීමට මූලික වූ බවට දෙපාර්ශවය විසින් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටී.

    Last modified on සෙනසුරාදා, 10 ඔක්තෝබර් 2020 12:13

    Latest News