බංග්ලාදේශය තුළ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

ඔක් 13, 2020

    බංග්ලාදේශය තුළ එක දිගටම සිදු වූ ස්ත්‍රී දූෂණ කිහිපයකින් පසු පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් ස්ත්‍රී දූෂණ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරට රජය සූදානම් වෙයි.

    ප්‍රධාන වශයෙන්ම කාන්තාවන් ගේ මෙහෙයවීමෙන් පැන නැගුණු විරෝධතා දැන් දින කිහිපයක් තිස්සේම ඉදිරියට යමින් තිබේ.

    ටික කලක සිටම ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසාවන්ට එරෙහිව විරෝධය පළ වෙමින් තිබුණත් වත්මන් විරෝධතා ව්‍යාපාරය පැන නැගුණේ පිරිමින් කණ්ඩායමක් කාන්තාවක සමූහ දූෂණයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන් ගැනීමත් සමගය.

     

    Latest News