බ්‍රිතාන්‍යයේ "ඔමික්‍රෝන්" හදිසි තත්වයක්

දෙසැ 13, 2021

    ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට බ්‍රිතාන්‍ය නව සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ අනුව, එරට රජය "ඔමික්‍රෝන්" හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රට තුළ ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව, පවසමින් අවධාරණය කරන්නේ, ඊට සියලුදෙනා සූදානම් විය යුතු බවයි. මේ සතිය තුළ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලය ඒ සඳහා විශේෂ ආධානයකින් ක්‍රියා කළ යුතු බව, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්, අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

    බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 3,000 කට අධික පිරිසක් හමුවී ඇති අතර, ඊයේ පමණක් වාර්තා වූ අසාදිතයන් සංඛ්‍යාව 1,200 කට අධිකයි. තුන් වැනි මාත්‍රාවක් ලබාගැනීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් 75% ක උපරිම ආරක්ෂාවක් ලැබෙන බව, වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    බ්‍රිතාන්‍ය තුන් වැනි මාත්‍රාව මිලියන 23 කට අධික පිරිසකට ලබදී ඇති අතර, දිනකට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදෙන පිරිස මිලියනයක් දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් කොවිඩ් ආසාදිතයෙකු සමග සමීප සබඳතා පැවැත්වුවහොත්, අඛණ්ඩව දින 7 ක් වෛරස පරික්ෂාවන් සිදුකරගත යුතු බවට, එරට රජය නව නීති පනවා ඇති බවධ, වාර්තා වනවා.

    Latest News