දකුණු අප්‍රිකානු ජනපතිටත් කොරෝනා...

දෙසැ 13, 2021

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

    බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔහු ප්‍රතිකාර සඳහා යොමුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති ජනාධිපතිවරයා, කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදුකළ පරික්ෂාවකදී වෛරසය ආසාදිත බවට තහවුරු වුණා. 69 හැවිරිදි ඔහු කේප් ටවුන් හි ස්වයං නිරෝධායනයට යොමුවී ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

    Latest News