දරුණු ටොනේඩෝවෙන් අමෙරිකාවේ 90ක් මරුට

දෙසැ 13, 2021

    අමෙරිකාවේ කෙන්ටකි ඇතුළු ප්‍රාන්ත 6කට බලපෑ ටොනේඩෝ තත්වයෙන් මිය ගිය පිරිස 100 ඉක්මවනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවයි.

    දැනටමත් මියගිය පිරිස 90 ඉක්මවා තිබේ. සෑම පැයකටම මරණ සංඛ්‍යාව අලුත් වන බව කෙන්ටකි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කරයි. මෙය ප්‍රාන්ත ඉතිහාසයේ

    හටගත් බරපතලම ටොනේඩෝ සුළි කුණාටු තත්වය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එහි ප්‍රබලත්වයත් සමග ඇතැම් මෝටර් රථ ඉහළට විසි වී ගොඩනැගිලි මතට වැටී තිබේ. මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙතෙක් සුන්බුන් අතරින් ජීවත්ව සිටින කිසිවෙකු හමු වී නැහැ.

    Latest News