update- දුම්රිය රියදුරු හා නියාමකවරු අද ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

ගනේවත්ත දුම්රිය ස්ථානයේ මගීන් ගමනාගමනය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී.ජී.සෙනෙවිරත්න මහතා පවසයි.

තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන 'දෙනුවර මැණිකේ' දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතරකර තිබේ.

දුර ගමන් සේවා දුම්රිය අද (18) දිනයේ සිට ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන්වාර නැවත ධාවනයට එක් කිරීමට තීරණය කර තිබේ.

ලබන සඳුදා (14) දිනයේ සිට සියලු කාර්යාල දුම්රියන් ධාවනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

හෙට (16) සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනැවැත්වීමට තීරණය කර ඇත.

අලව්ව දුම්රිය ස්ථානයේ දී කාර්යාලීය දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සිදු වූ බාධා මේ නව විට ඉවත් කර තිබේ.

Latest News