උඩරය දුම්රය මාර්ගයේ, නුවර සිට බදුල්ල දක්වා ධාවනය වන “අංක 126 “දරණ දුම්රිය අද (1) උදෑසන පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

හෙට සිට (08) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිනි.

ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා (08) සිට අප රටේ  පොදු ප්‍රවාහණ සේවා  සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කළේය.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ගාල්ල හා බෙලිඅත්ත සිට කාර්යාල දුම්රිය 3ක් ධාවනය කළ බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර 20 ලබන සඳුදා වන විට තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රැකියා සඳහා කොළඹ-කොටුවට පැමිණෙන මගීන්ට පහසුකම් සැපයීම සඳහා අද දුම්රිය 10ක් ධාවනය සඳහා යොදවා තිබිණ.

හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

දකුණු පළාතට පනවා තිබූ ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග ගාල්ල සිට ඉදුරුව දක්වා සමුද්‍ර දේවී කාර්යාල දුම්රිය ධාවනය කෙරිණ. බලපිටිය, අහුංගල්ල, කොස්ගොඩ දුම්රිය ස්ථානවල මගීන් නොසිටි අතර, ඉදුරුව දුම්රිය ස්ථානයෙන් මගීන් කිහිපදෙනෙකු බැස යන අයුරු දක්නට ලැබිණ.

පොදු ප්‍රවාහන සේවා අද ආරම්භ වීමත් සමග ඇඳිරිනීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය ධාවනය කෙරිණ.

Latest News