පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය කරන්නේදැයි සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
සපුගස්කන්ද,මීගහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ආසාදිතයෙකු වීම හේතුවෙන් තවත් නිලධාරීන් 41 දෙනෙක් පී සී ආර් පරීක්ෂණයට ලක් කෙරිණ.
පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය බන්ධනාගාර රැදවූවන් පස්දෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. පොළොන්නරුව, ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් පළාගොස් ඇත්තේ අද (31) අලුයමයි.
නිරෝධායන නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සදහා 1997 කෙටි දුරකථන අංකය විවෘතව පවතින බව පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
ගල්කිස්ස පොලිස් වසමේ, ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල 4ක් හා මැගසින් 08ක් සොයාගෙන තිබේ. අද (02) දින උදෑසන 10.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේවා සොයාගෙන තිබේ.
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී අද (25) අලුයම 3.50ට පමණ සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව සිවිල් ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා තිබේ.
ඇදිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටින පුද්ගලයින් නැවත ගම් බිම් කරා පිටත් කර යැවීම අද සිට සිදු කෙරේ.
ඇඳිරිනීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 43,459ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.