එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිස් එහි බලය අත්පත් කර ගන්නේ කෙසේදැයි, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය කෙතරම් නිවැරදි දැයි යන්න අධිකරණයෙන් පවා ඔප්පු වී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරූ ජයසුරිය මහතා ලිපියක් මගින් දැනුම් දී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් දැනුම්දීමට නියමිතයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (27) කොළඹ ජම්පටා වීදියේ ගෙන් ගෙට යාමේ චාරිකාවක නිරත විය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අද පැවැත්විණ.
එක්සත් ජාතික පක්ෂය පවුල්වාදය, කුලවාදය හා රඳලවාදය පිටුදකිමින් ජනතා මෙහෙවරක දිගුකාලීන නිරතවූ පක්ෂයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා සමාජය තුල මුල්බැසගෙන තිබූ රඳලවාදය සහ කුලවාදය පිටුදැකීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරියට පැමිණි ප්‍රමුඛතම නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
Update - අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතී ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විශේෂ පත් කර තිබේ.