සමෘද්ධි සහනාධාරයට තවත් ප්‍රතිපාදන වෙන්කර එය ශක්තිමත් කරමින්, රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ජනසවිය වැඩසටහන යළි ක්‍රියාත්මක කරන බව අද (13) වැල්ලවාය නගරයේ පැවති ජනහමුවේ දි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

sajitharally px 900 19 10 1

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා...

බොහෝ පාලකයින් මේ රටේ දුප්පත් ජනතාව කරදරයක් ලෙසයි හිතුවේ. මගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතා ඔවුන් වෙනුවෙන් ජනසවිය වැඩසටහන ආරම්භ කළා. 1993 මැයි 1 වනදා එතුමා ජීවිතක්ෂයට පත්වීමත් සමග එම කටයුතු දිගින් දිගට සිදුකර ගෙන යන්න බැරිවුණා. අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන සියලු දෙනාට සමෘධි සහනාධාර වැඩපිළිවල එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන ගමන්, ඒ සදහා තවත් ප්‍රතිපාදන වෙන්කර, එය ශක්තිමත් කරනවා.

ඒ අතර මම ඔවුන් වෙනුවෙන් තවත් නව වැඩපිළිවලක් එක් කරනවා. සෑම දුප්පත් පවුලක් වෙනුවෙන්ම මාගේ පියාණන්ගේ ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සමහර පිරිස් සංඛ්‍යා ලේඛන නිර්මාණය කර ව්‍යාජ ප්‍රතිරූප පෙන්නනවා. නමුත් ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන විදිහට දළ වශයෙන් හතර දෙනෙකු ජීවත් වන පවුලකට මාසකට පනස්දහසක් පනස් පන්දහසක් අතර මුදලක් වියදම් වනවා. මෙවැනි ආදායමක් නොලබන කීදෙනෙක් ඉන්නවද? මේ පිරිස ගැන කවුරුත් අවධානය යොමුකරන්නේ නැහැ. ඒ අහිංසක, අසරණ, නිහඩ බහුතරය හඩ බවට මම පත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාකරන වීරයා බවට පත්වෙනවා.

ඒ වගේම මම රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායක් ඇති කරනවා. සෑම දිසාපති කොට්ඨාසයකම ජාතික සංවර්ධන විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකා ඒකකයන් ස්ථාපිත කරනවා. ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ඊ - රාජ්‍යය පාලනයක් තුළින් දිනපතා ඒ ගැන සොයා බලනවා. දිසාපති කොට්ඨාෂ, ග්‍රාමසේවා වසම්, ආරම්භ කරන ව්‍යාපෘති, අවසන් කරන ව්‍යාපෘති, රටේ ජනතාවගේ ඉල්ලීම් අධික්ෂණය කර කොළඔ ඇති ජනධිපති කාර්යාලය මගින් රටට නගරයට, ගමට දැනෙන නව වැඩපිළිවලක් ආරම්භ කරනවා. ජාති, වර්ග, පක්ෂ භේද එහි නැහැ. ප්‍රශ්න තිබෙන සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම ජනාධිපති කාර්යය සාධක බලකායේ සමාජිකයින් කරගන්නවා.

සෞඛ්‍යය මධ්‍යස්ථානයේ හෝ පෙර පාසලේ ප්‍රශ්නයක් වුවත් මේ තුළින් කතා කළ හැකියි. රටේ ජනාධිපති දැනුවත්ව පැය 24 පුරාම, දින 365 ම නොනිදන සේවයක් මගේ ජනතාව වෙනුවෙන් සිදුකරන්න මම කැපවෙනවා. අපි අලුත් ගමනක් යන්නේ. හැමෝම මේ ගමනට ලෑස්ති වෙන්න. මේක දක්ෂයින්ට තැන දෙන දුෂිතයින් නැති තැනක්. අපි මේ ඇති කරන අලුත් ලංකාවේ ඓතිහාසික ජනතා සංවර්ධනයක් සිදුකරනවා.

සජිත් ප්‍රේමදාස ලංකාවේ සෑම පවුලක්ම ගොඩනගනවා. මේ රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුගේම ජනජීවිතය උසස් කළ යුතුයි. මම ජිවිතය කැපකරන්නේ පොදු ජනතාවගේ සේවයට. පවුලේ සමාජිකයින් රැකගැනීම මගේ අරමුණ නෙමෙයි. මේ රටේ පවුල් ලක්ෂ හැටකට වැඩියි. ලක්ෂ 220 කට ආසන්න පුරවැසියන්. මගේ එකම අරමුණ ඔවුන් රැකගැනීමයි. පවුලේ සමාජිකයින්ට සුරසැප සහිත ලොවක් නිර්මාණය කිරීම මගේ අරමුණු අතර නැහැ. ජාති ආගම් පන්ති නොමැති ලක්ෂ 220ක ජනතාවගේ ජිවිතය සුඛිතමුදිත කිරීම මාගේ එකම අරමුණයි.

ජනතා සංවර්ධනය අපේ වගකීම හා යුතුකම. මේ ජනතාවගේ ආශිර්වාදයෙන් මම ජනාධිපතිවී පළමු මාස 48 තුළ මුලු ලංකාවෙම මහා, මධ්‍යයම, සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කර, කෙත්වතු සරුසාර කර, භවභෝග වලින් සපිරුණු පෝෂිත ලංකාවක් නිර්මාණය කරනවා... මගේ ප්‍රධාන ප්‍රතිඵත්තිය මිනිසා සුරක්ෂත කිරීමයි.

sajitharally1 px 900 19 10

 

 

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරේ වසර 14 කට පසු බව වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආගම්, ජාති භේද වපුරා රටට කරන්නේ විනාසයක් බව නව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට ඇහුම්කන් දෙන සමීප සොදුරු නායකත්වයක් ඇති ගොඩනැගිය යුතු බව ඔහු කියා සිටි.

අද (12) කොළඔ නවනගර ශාලාවේ පැවති බටහිර කොළඔ හා නැගෙනහිර කොළඔ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

ප්‍රතිවාදි පාර්ශවයන් දිනපතා බියසැක පතුරවමින් විනාෂකාරි අදහස් රටේ ජනතාවගේ මනසට ඇතුළු කර බලය ගැනීමේ පටු දේශපාලන අරමුණු මත කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අවධානරය කළේය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා.......

අපගේ ප්‍රතිවාදීන් රටේ ජනතාව අතර දිනපතාම බිය සැකය පතුරවනවා. නොයෙකුත් විනාෂකාරී අදහස් රටේ ජනතාවගේ මනසට ඇතළු කර, ජාතිවාදය, ජාතිභේදය, ආගම්වාදය, ආගම්බේදය නිර්මාණය කරනවා. මේ ප්‍රතිවාදින් ගේ උත්සහය බවට පත්වෙලා තියෙන්නේ රට ජාතින්වලට, ආගම්වලට, බොදා එකමුතු බව සහෝදරත්වය, මිත්ත්‍රවය නැති කරලා දාන්න. රටේ ප්‍රධාන තනතුර ඩැහැ ගන්න මේ උත්සහ කරන්නේ.

ඒ තුළින් බිය සැක සංකාව ජනතාව අතර නිර්මාණය කරන්න. මෙලෙස රට විනාෂ කර හෝ රටේ ප්‍රධාන තනතුර ඩැහැ ගන්න මේ උත්සහ කරන්නේ.

මේ රටේ ජාතික ආරක්ෂාව, ජාතීන් අතර සංහිදියාව, ජාතීන් අතර එකමුතුව අත්‍යාවශ්‍ය කරුණක්. ජාති, ආගම් ‌බේද අවුස්සලා මේ රට ආරක්ෂා කරන්න බැහැ. අපි මේ රටට ආදරය කරන, රට ආරක්ෂා කරන්න අධිෂ්ථාන කරන පුද්ගලයෝ. මැති වරණ ජයග්‍රහණය උදෙසා ආගම්, ජාති භේද වපුරනවා නම්, ඔවුන් මේ රටට කරන්නේ විනාෂයක්.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිංහල බෞද්ධයෙක් ලෙස කිසිම දිනක ජාති, ආගම් බේද ඇති කලේ නැහැ. ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවේ නැහැ. එතුමා මේ රටට බුද්ධශාසන අමාත්‍යංශයක්, බුද්ධශාසන අරමුදලක් පිහිටෙව්වා. ඒ මගේ ආදරණිය පියා අප කුඩා කල සිට හොද සිංහල බෞද්ධයින් ලෙස සිංහල බෞද්ධකම රැකගෙන වගේම, අනෙක් ජාතින්, ආගම ආරක්ෂා කරන්න අපට ඉගැන්නුවා.

සමහර කණ්ඩායම් දැන් සිංහල බෞද්ධකම ඉදිරියට දාගෙන මේ රටේ බෞද්ධ උරුමය තියෙන්නේ ඔවුන්ට පමණයි කියලා ඔප්පු කරන්න හදනවා. මේ අය මේ රටේ ඉන්න සුපිරි බෞද්ධයෝ නම් මොකක්ද සම්බුද්ධ ශාසනයට ඔවුන් කළ සේවාව. අටමස්ථාන සොලොස්මස්ථාවලට වුණ සේවාවක් නැහැ. අනුන් හදපු සංඝාවාස බලහත්කාරයෙන් විවෘත කරලා එළියට ඇවිත් වොයිස් කට් දුන්නා.

පසුගිය වසර හතර හමාර තුළ අපේ රජය සම්බුද්ධ ශාසනය ගොඩ නගන්න අතිවිශාල මුදලක් වැයකළා. එය මධ්‍යම සංස්කෘතික අරමුදල, ගම්පෙරළිය, බුද්ධ සාසන අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ සිදුවුණා. මේ තුළින් අතිවිශාල සේවාවක් කළා. රාජපක්ෂවරු කලේ, මගේ පියා දළදා හාමුදුරුවන්ට හදපු රන් වියන ඉදිරිපිට රටදැයි බේරගත් රණවිරුවන් ලවා වැලිකොට්ට දමා, නුවර සියලු පාරවල් වසා ජනාධිපති වරයාගේ පුතුන්ට රේස්කාර් පදින්න ඉඩදීම. මේ දේවල් අපේ රටේ සිංහල බෞද්ධ ප්‍රජාවට මතක නැද්ද? බෞද්දකමින් රජ පුටුවට ගිහින් රට බේරගත්ත රණවිරුවන්ට කියනවා පුතාට රේස් පදින්න වැලිකොට්ට ගහන්න කියලා. නිලධාරින්ට පාරවල් වහන්න කියනවා. අපේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ප්‍රෝඩාකාරි වැඩ නෙමෙයි. ඔවුන්ගේ පාලන කාලේ සංඝාවාස ගරාවැටුනා. ධර්මශාලා කඩාවැටුණා. අපි ලංකාවේ මේ පළමුවතාවට රජයක් මැදිහත්ව මේ රටේ ශිෂ්ට සම්පන්න ගුණගරුක ජන සමාජයක් උදෙසා ආණ්ඩුවක් රටපුරාම දහම් පාසල් හදන්න යොමු වුණා.

පිරිසක් කියනවා, පල්ලි කෝවිල් කැඩුවොත් බුද්ධාගම රැකෙනවලු. දේවස්ථාන කැඩුවොත් බුද්ධාගම රැකෙනවාලු. ඒ අය පන්සිල් පද පහේ තේරුමවත් දන්නවද කියලා මට හිතෙනවා. සිංහල බෞද්ධත්වයට විශේෂත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදි තිබෙනවා. ඒ ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ශක්තිමත් ස්ථාවරයක් ලබාදෙනවා සේම, අනිකුත් ආගම්වලටත් නිසි තැන, නිසි ආරක්ෂාව දෙන්න ඔනේ. කියලා තියනවා. රටක් ආරක්ෂා වෙන්න මේ හැමදෙනා අතර සමගිය තියෙන්න ඔනේ. ජතිවාදි ආගම්වාදි ගින්දර ඇති කළ යූතු නැහැ. රට ගිනි තියන එක නෙමෙයි වගකීම. රට ජාතිය ආරක්ෂා කරන එක. ආගම්වාදි ජාතිවාදි ප්‍රකාශවලින් රට ගිනි තියනවා. එවැනි අයට අපි කියන්නේ ද්‍රෝහින් කියලා. හැම ජාතියක්ම, ආගමක්ම, ආරක්ෂා කරලා අපි ඉදිරියට යන්න ඔනේ. එය රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තියයි.

මෙම අවස්ථාව සදහා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ, කොළඔ දිස්ත්‍රික් නායක - එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක. කොළඔ නගරාධිපතිනි රෝසි සේනානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඉදිරියේ දී රටට අවාසිදායක අන්තර්ජාතික ගිවිසුම් අහෝසි කරන බවත්, වාසිදායක ගිවිසුම් පමණක් ක්‍රියාවට නංවන බවත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ජාතික ආරක්ෂව සම්බන්ධ ඉහළම සහතිකය නව ප්‍රජතාන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක ඊයේ රටට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පවසයි.

කොළඹ ගාලු මුවදොර පිටියේ ඊයේ (10) සවස පැවැති මංගල ජනරැළිය ඇමතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා -

තමාගේ පාලන කාලය තුළ රටේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පවරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අද පැවැත්විණ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ දේශයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළියට ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවෙදාර පිටියට එක්රොක් වූ දේශප්‍රේමි ජනතාවට ගෞරවනීය ආචාරය පුද කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය පවුල්වාදය, කුලවාදය හා රඳලවාදය පිටුදකිමින් ජනතා මෙහෙවරක දිගුකාලීන නිරතවූ පක්ෂයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා සමාජය තුල මුල්බැසගෙන තිබූ රඳලවාදය සහ කුලවාදය පිටුදැකීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරියට පැමිණි ප්‍රමුඛතම නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Latest News