සිංහල, දෙමළ,මුස්ලිම් ජාති භේදයකින් තොරව එක් රටක උපන් නිවුන්නු සේ ශ්රී ලාංකික පිරිසක් බිහි විය යුතු බවයි, අග්රාමාත්යවරයා සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේ ඊයේ පැවති නිවුන් හමුවේදී. එය ලොව වැඩිම නිවුන් ප්රජාවක් එකට එක්ව පවත්වනු ලබන හමුවක් ලෙස සංවිධාන කෙරිණ. එහි ලෝක වාර්තාව මෙරට සතු කර ගැනීම එහි අරමුණයි. ඒ සඳහා දිනය පුරා ලියාපදිංචි කිරීම් සිදු කරනු ලැබීය. එහිදී නිවුන් දරුවන්ගේ සංස්කෘතික අංග රැසක් ද එළිදක්වනු ලැබීය.