ඔවුන් අවධාරණය කරන්නේ මුඛ ආවරණය පැළඳීම අවශ්‍ය වන්නේ, රෝගී පුද්ගලයින් පමණක් බවයි. “කොරෝනා“ වෛරසය පැතිරීම පිළිබඳව පළවු මාධ්‍ය වාර්තා හේතුවෙන් ජනතාව තුළ ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති වූ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එකිනෙකා දෙස සැකයෙන් බැලීම, චීන ජාතිකයින් කෙරෙහි දැඩිව බලපා ඇති බවයි නිරීක්‍ෂණය වී ඇත්තේ.
කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ මෙය මාරාන්තික වෛරසයක් නොවන බවයි. වසංගත තත්වයකට මුහුණ දීමට පෙර සූදානම වැදගත් වුවත් ජනතාව අනවශ්‍ය කලබලයක් ඇතිකර නොගත යුතු නොමැති බවයි, වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ.