නැතිවූ දුරකථන සොයන්න පොලීසියෙන් අඩවියක්

දෙසැ 11, 2018

    නැතිවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විශේෂ වෙබ් අඩවියක් හදුන්වා දී තිබේ.

    ඒ අනූව    www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට පැමිණිලි සිදු කළ හැකිවේ. මේ වන විට මිලියන 24කට ආසන්න දුරකථන ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල භාවිත කෙරේ.  ඉන් දුරකථන 800ක ප්‍රමාණයක් සොරකම් කිරීම හෝ අස්තානගත වීම සිදුවන බවයි, පොලීසිය පවසන්නේ.

    මේ අනූව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුව වෙනුවෙන් නව වෙබ් අඩවිය හඳුන්වා දී තිබේ.  ඒ අනූව ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථානයට, විදුලි සංදේශ නියාමන කොමිසමට සහ අදාළ දුරකථන සමාගම වෙත යොමු කෙරෙනු ඇති.  මේ තුලින් ජංගම දුරකථන සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීමක් සිදු කෙරෙනු ඇති. 

    Last modified on අඟහරුවාදා, 11 දෙසැම්බර් 2018 12:20

    Latest News