අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවති හමුවකදී. ඉරිදා දින සහ පොහොය දින පෞද්ගලික පංති පැවැත්වීම නිසා දහස් පාසල්වලට දරුවන්ගේ පැමිණිම සීඝ්රයෙන් අඩු වී ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ පෙන්වා දුන්නේය. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, රජයක් වශයෙන් ඉරිදා දින දහම් පාසල් පැවැත්වීම සඳහා සියලු කටයුතු සංවිධාන කර දෙන බවයි. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන, බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධව භික්ෂුන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. එම ස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කොට එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් මිත්‍යා මත පැතිරවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස භික්ෂුන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියේය.