මාර්තු 1 හෝ 2 පාර්ලිමේන්තුව විසුරුවහොත්, අප්‍රේල් අග මහ මැතිවරණය පැවැත්විය හැකියි; මහින්ද දේශප්‍රිය

පෙබ 13, 2020

    මාර්තු මස පළමුවැනිදා හෝ දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවහොත්, අප්‍රේල් මස අග මහ මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව ඔහු මාධ්‍යයට මේ බව කියා සිටියේය. “මාර්තු මස මුල් සතිය තුළ පාර්ලිමේන්තුවේ කාලය වසර හතරහමාරක් ඉවර වුණාට පස්සේ ජනාධිපතිතුමා විසුරුවීමට සූදානම් බවට මතයක් පැතිරෙමින් පවතිනවා. ඒ අනුව මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන්ට දැන්වූවා පසුගිය පෙබරවාරි 05 වැනිදා සිට අවශ්‍ය මුලික කටයුතු සූදානම් කරන්න. අපි හිතනවා මාර්තු 1 හෝ 2, 3 විසුරුවා හැරියොත් ඡන්ද විමසීම තියන්න පුලුවන් වෙන්න ඕනේ වෙසක් උත්සවයට පෙර. මැයි දිනයත් එන නිසා පහසුම දින වෙන්නේ අප්‍රේල් 25, 27, 28, 29 යන දිනයන්“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News