පාර්ලිමේන්තුව හෙට රැස්වේ

දෙසැ 17, 2018

    එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්, හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

    ඒ අනුව, මෙතෙක් ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු, විපක්‍ෂයේ අසුන් ගනිති. නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙතෙක් දිවුරුම් නොදීම නිසා අග්‍රාමාත්‍ය ධූරයට පමණක් අසුනක් වෙන් කෙරෙන බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

    අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු සෙසු අසුන් පනවන බව නීල් ඉද්දවෙල මහතා කියා සිටී. විපක්‍ෂ නායක අසුන සම්බන්ධයෙන්, මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. කතානායක කරූ ජයසුරිය මහතා සමඟ හෙට පෙරවරුවේ පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව නියෝජ්‍ය මහලේකම්වරයා පවසයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 20:24

    Latest News