ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණයෙන් රට බේරාගත්තා-පා.ම.නලින්ද ජයතිස්ස

දෙසැ 17, 2018

    ඇෆ්ගනිස්ථානයත්, බංග්ලාදේශයත්, පකිස්තානයත් වෙන්න ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණයෙන් රට බේරාගත් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා පවසයි. ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණය එකදු ලේ බිදුවක් නොසෙල්වා පාරාජය කිරිමට හැකිවූ බවයි ඒ මහතා කියා සිටියේ. ඔහු මේ බව පැවසුවේ කලුතර පැවති ජනහමුවක් අමතමින්.

    නලින්ද ජයතිස්ස මහතා “මේ රටේ බහුතර ජනතාව එකතු වෙලා මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා. අපි ලෝකයට පණිවුඩයක් දුන්නා මේ රට ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, පකිස්තානය වගේ රටක් නොවෙයි මෙවැනි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් ආවොත් ජනතාව එකතුවෙලා ජනතාව බහුතරයක් පෙළගැහිලා මේ කුමන්ත්‍රණය ස්ථිර වශයෙන්ම පරාජයට පත් කරනවා කියලා.

    මේ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්නට යම් හෝ දායකත්වයක් සැපයූ සියලු දෙනාට කතානායකතුමාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකට, රාජ්‍ය ආයතනවලට, අපේ රටේ විද්වතුන්ට, කලාකරුවන්ට, සිවිල් සංවිධානවලට අපේ ගෞරවය, ආචාරය පුද කරනවා ලෝකයේ අපේ රටට ඇති වෙන්න ගිය මහ කළු පැල්ලම නතර කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව සිටින රටක් බවට ලෝකය ඉස්සරහා අපේ ගෞරවය ආරක්‍ෂා කළාට.

    වාර දෙකක් ජනාධිපති පුටුවේ වාඩිවෙච්ච මහින්ද රාජපක්‍ෂ මහත්තයව මේ කුමන්ත්‍රණයට ඇඳලා ගත්තේ කවුද? කුමරා වෙල්ගම මන්ත්‍රීතුමා කියන විධියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වල්ගේ එල්ලීලා පාර්ලිමේන්තු එන කණ්ඩායම වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ තුන් කට්ටුව එකතුවෙලා මහින්ද රාජපක්‍ෂ මහත්තයව මුලා කළා“ යැයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න.. Ru News Alert Super 00238

    Latest News