මේ අතර ඊයේ දිනයේ ද දිවයිනෙන් කිසිඳු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. සුවය ලබා පිටව ගිය රෝගීන්ගෙන් එක් අයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි පුද්ගලයෙකු වන අතර, අනෙක් තැනැත්තා වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක්.
පෙබරවාරි මස 19 වැනිදා පූර්ණ සුවය ලබා පිටව ගිය චීන කාන්තාව ඇතුළුව මේ වන විට ශ්‍රී ලංකාවේ දී සම්පූර්ණ සුවය ලබා 9 දෙනෙකු පිටව ගොස් තිබේ.