අටුළුගම වෛරස ආසාදිතයාගේ පියා සහ සහෝදරිය නාගොඩ මහ රෝහලට

මාර් 28, 2020

    බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද (28) පෙරවරුවේ ඔවුන් සුවසැරිය ගිලන් රථයෙන් කළුතර නාගොඩ මහ රෝහල වෙත යොමු යවා තිබේ.

    මොවුන්ගේ පවුලේ සාමාජිකයෙකු ඩුබායි හි දින 2ක් ගත කර පසුගිය 19 වැනිදා මෙරටට පැමිණ තිබේ.

    ඉන් අනතුරුව ඔහු දින 6ක කාලයක් අටුලුගම ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බව බණ්ඩාරගම සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය සදහන් කරයි.

    Latest News