මෙම පිරිස පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගැනුන ආසාධිතයා සමග සමිප සම්බන්ධතා පැවැත්වූ අයයි.
අල් කාසිම් සිටි කොරෝනා ආසාධිතයා ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා ගොස් මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමිණි අයෙක්.
මෙම ආසාධිතයා සෞඛ්‍ය අංශ සොයා ගැනීමට ප්‍රථම මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ අවමංගලයකට බස් රථයකින් මෙම පිරිසත් සමග ගමන් කර තිබු නමුත් මේ සියල්ල වසන් කර තිබිය දී ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කළ සෝදිසි මෙහෙයුමකින් ඊයේ සවස වන විට අනාවර්ණය කර තිබිණ.
අදාළ පිරිස පොලිස් හා යුධ හමුදාව එක්ව සෞඛ්‍ය අංශ මැදිහත්වී පුත්තලම සහිරා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන විත් යුධ හමුදා ආරක්ෂාව යටතේ පසුව බස් රථ හතරකින් පුනානි බලා පිටත් කිරිමට කටයුතු කල බව පුත්තලම 143 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසිය.