ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය. ධීවර කටයුතු සඳහා පවසමින් දකුණු ඉන්දියාවේ සිට පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි, නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබේ.