ගාල්ලේ මියගිය පියාට කොරෝනා නෑ..

අප්‍රේ 10, 2020

    කොරියාවේ සිට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ගාල්ල ප්‍රදේශයේ පුත්‍රයාගේ පිය වන කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත් මියගිය මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

    ඔහු මිය ගිය පසුව ද වාට්ටුවේ දී ඔහුගේ සෙම් හා කේඨ පටල ලබාගෙන කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් එම පරීක්ෂණයේ දී ද ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

    කොරියාවේ සිට පැමිණි මෙම සිව්දරුපියාගේ පුත්‍රයෙක් කොරොනා ආසාදිත බවට පරීක්ෂණ වලින් තහවුරු විය. ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ අයෙක්. පියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පියා බැලීමට අදාළ පුතා රෝහලට පැමිණ තිබේ.

    එම නිසා පියා මිය යාමට පෙර ද කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අතර එම පරීක්ෂණයේ දී ද ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරුවිය.

    කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව ගාල්ල, දඩල්ල සුසාන භූමියේදී අද උදෑසන 11.00 ට සිදු කර තිබේ.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 13:46

    Latest News