කොටු වී සිටි තවත් ලාංකිකයන් තිදෙනෙකු දිවයිනට

අප්‍රේ 10, 2020

    ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් අතුරින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    ඒ, ඩුබායි සහ මාලදිවයිනේ සිටයි.

    විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, ඉන් දෙදෙනෙකු ඩුබායි සිට පෙරේදා පැමිණි බවයි.

    මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයා ඊයේ මෙරටට ළගා වූ බවද ඔහු පැවසුවේය.

    අතිරේක ලේකම්වරයා සඳහන් කළේ, සෙසු ශ්‍රී ලාංකිකයින් 30 දෙනා ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

    ඒ සඳහා ඒ ඒ රටවල පිහිටි තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කන්සියුලර් කාර්යාල සමග අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදුකරන බව ද ඔහු පැවසුවේය.

    අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, එලෙස දිවයිනට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකිකයින් දින 21 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරන බවයි.

    Latest News