සේවා පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීම කඩිනමින් - සෞඛ්‍ය ඇමති

දෙසැ 20, 2018

    ජනවාරි 01 සිට රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා මුදල් වෙන් කර නොමැති බැවින් කඩිනම්න් මුදල් වෙන්කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ සදහා පාර්ලිමේන්තුව රැස්කර අයවැය ලේඛණයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබදව කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයකට අද (20) පෙරවරුවේ සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍යධූරයේ දෙවන වරටත් දිව්රුම් දුන් රාජිත සේනාරත්න මහතා සිය පළමු රාජකාරිය ලෙස මෙම අවස්ථාවට එක්විය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරියේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ඇතැයි ඔහු මෙහිදී විශ්වාසය පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 13:32

    Latest News