update-කුඩාවැල්ල සිද්ධියේ පරීක්ෂණ ඇරඹේ (ඡායාරූප)

දෙසැ 25, 2018

    පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්කර හැර තිබේ.

    තංගල්ල - කුඩාවැල්ල වෙඩිතැබීම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි දකුණු පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මාතර නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතයි. 

     එමෙන්ම දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති හා මාතර නි.පොලිස්පති යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සෘජු අධීක්ෂණයකට පොලිස්පතිගෙන් නියෝග කර තිබේ.

    කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධියෙන් නාකුළුගමුව පදිංචි ජයසිංහ මනාච්චිගේ සමීර, ෂයික් තිවංක, ලතිෂ් උදය කුමාර සහ දෙල්ගොඩ සඳුන් චානක යන අය මියගිය අතර, ඔවුන් අවුරුදු 23, 37, 40,40 යන වයස්වන පසුවන්නන් වූහ.

    සිද්ධියෙන් තුවාල ලැබූ, දමිත් දිල්ෂාන්-අම්බලන්තොට, සරත් ජයසිංහ- නාකුළුගමුව, සමන් පුෂ්ප කුමාර-හංවැල්ල, සුගත් රෝහණ විජේවීර-දික්වැල්ල, මාන්නක්කාරගේ තිලක්-නාකුළුගමුව, උදාර සම්පත්-දික්වැල්ල සහ මුද්දුම බංඩාරගේ නිමල්-අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වූහ. ඔවුන් අවුරුදු 18,35,37,48,48,50 සහ 51 යන වයස්වල වේ.

     

    Kudawella03

    Kudawella 02

    Kudawell01

    kudawella6

    Last modified on අඟහරුවාදා, 25 දෙසැම්බර් 2018 17:05

    Latest News