ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු යළිත්

ජූනි 15, 2020

    ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

    කළුතර දොඩංගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සේරුපිට නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම්වල මාර්ග කිහිපයක්ම සංවර්ධනය කෙරෙමින් පවතිනවා.

    මේ යටතේ කුරුනැයිදගොඩ ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ රුපියල් ලක්ෂ 08 ක මුදල් වැය කරමින්.

    එහි දිග මීටර් 65 ක්.

    හල්මිටිපොල පහල මාර්ගයද සංවර්ධනය කෙරෙනවා.

    වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 05 ක්.

    පවුල් 50 කට ඉන් සෙත සැළසෙනවා.

    සියලු කොන්ත්‍රාත් කටයුතු අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ලියාපදිංචි සමිති මගින් සිදු කිරීම විශේෂත්වයක්.

    Latest News