ජනතාව ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ

ජූනි 15, 2020

    බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවූව ද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ සිදු කෙරේ.

    ඒ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුවයි.

    කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශය මගින් පී සී ආර් පරික්‍ෂණ සඳහා සාම්පල ලබා ගැනීම ස්ථාන කිහිපයකදී අද සිදුකළා.

    වැල්ලවත්ත පොදු වෙළෙඳපොළ සංකීර්ණයේදී ද මෙම පරික්‍ෂණ සිදු කෙරිණ.

    ඉදිරියේදී ද මෙවැනි පරික්‍ෂණ සිදු කරන බවයි, කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශයේ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ.

    මේ අතර, කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් ඊයේ පිටව ගියා.

    ඔවුන් තවදුරටත් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කෙරෙන බවයි, නාවික හමුදාව පවසන්නේ.

    Latest News