එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක පිළිසඳරක ද නිරත විය. අනතුරුව වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ එක්සත් ජාතික පාක්ෂිකයින් ද හමුවිය.