ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළට සහය දෙනවා; මහ ලේකම්-ශ්‍රීලනිප. (වීඩියෝ)

අගෝ 09, 2020
  • ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා සහය දෙන බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

    පක්‍ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ජාවකින් අනතුරුව මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එහි සභාපති හිටපු ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ජාව පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා....

    “ජනාධිපතිතුමාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට සම්පූරණයෙන් සියයට සියයක් සහයෝගය දෙන්න තීන්දු කළා. පාර්ලිමේන්තුවේ ඕනෑම ක්‍රියාවලියකදී අපි අපේ ශක්තිය දෙනවා. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් එක්ක එකට එකතුවෙලා අපි අපේ වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 09 අගෝස්තු 2020 19:22

    Latest News