කොවිඩ්19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2666ක් (වීඩියෝ)

අගෝ 15, 2020
  • කොවිඩ්19 රෝගය වැළඳුණු 2658 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.

    තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 217ක් පමණි. මෙරට කොවිඩ්19 රෝගය වැළඳුණු සිව් දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබූහ. ඉන් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයයි. අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ජපානයේ සිටයි.

    රෝගය වැළඳුණු 2,666 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 92.09ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 7.51ක්.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව රෝගීන් 629 දෙනෙකු තෝරාගනු ලැබූ අතර, ඉන් 475 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා ඇත. එම ප්‍රතිශතය 75.51ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 154 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 24.48ක්.

    නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරුණු පුද්ගලයින්ගෙන් 30,274 දෙනෙකු නිරෝධායනය සාර්ථකව අවසන් කර මේ වනවිට එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. මධ්‍යස්ථාන 41ක 4,689 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.

    දිවයිනේ මේ දක්වා සිදු කර ඇති පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 85,108ක්. ඊයේ දිනයේ පීසීආර් පරීක්‍ෂණ 2,437ක් සිදු කෙරිණ.

    ලෙබනන් සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානයක් අද උදේ දිවයිනට පැමිණියේය. 245 දෙනෙකු එම පිරිසට අයත්. සියලු දෙනා ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැණින.

    ඕමානයේ රැඳී සිටි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේ ඊයේ පස්වරුවේ. 293 දෙනෙකු එම පිරිසට ඇතුළත්. ඔවුන් සියලු දෙලා පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:10

    Latest News