වාර්ෂික මඩු මංගල්‍යය අද (වීඩියෝ)

අගෝ 15, 2020
  • ඓතිහාසික මරඳමඩු දේවස්ථානයේ ප්‍රධාන වාර්ෂික මංගල්‍යය අද පෙරවරුවේ පැවැත්විණ.

    ඒ, මහනුවර රදගුරු අති උතුම් වියානි ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මරදමඬු දේවස්ථානයේ වාර්ෂික ප්‍රධාන මංගල්‍යය සෑම වසරකම පැවැත්වෙන්නේ අගෝස්තු 15 වැනි දිනයි. රටේ පවතින කොරෝනා අවදානම හමුවේ මෙවර මංගල්‍යය පැවැත්වුණේ, බැතිමතුන් සුළු පිරිසකගේ සහභාගිත්වය සහිතවයි. ඔවුන් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව එම අවස්ථාවට එක්ව සිටියහ. රදගුරු හිමිපාණන් වහන්සේ, පියතුමන්ලා සහ කන්‍යා සොයුරින් පිරිසක් ද ප්‍රධාන මංගංල්‍යයට එක්වූහ.

    මරදමඬු මාතා ප්‍රතිමාව වීථි සංචාරය කෙරුණු අතර, එහිදී බැතිමතුන්ට ආශිර්වාද කිරීම සිදු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:05

    Latest News