කොරෝනා ආසාදිතයින් 2902 දක්වා ඉහළට

අගෝ 19, 2020

    මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (18) දිනයේ හඳුනාගත් නව රෝගීන් දෙදෙනාත් සමගයි.

    සුඩාන් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේය.

    කෙසේවෙතත් මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2755 දෙනෙකුමේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

    රෝගීන් 136 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    මේ අතර අද (19) දිනයේ නිරෝධායනය වු පුද්ගලයින් 111 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට සුදානම්ව ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    Latest News