රැකියා ලේඛනයේ නම නැතිනම් අභියාචනා යොමු කළ හැකියි

අගෝ 19, 2020

    රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් සිය අභියාචනා ලබන 02 දායින් පසු යොමු කළ යුතු බව, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ තම අමාත්‍යාංශයට එම අභියාචනා යොමු කළ හැකි බවයි.

    රැකියාලාභී උපාධීධාරීන්ගේ නාම ලේඛනය 17 වැනි දින ඉදිරිපත් කෙරිණ.

    එහෙත් ඇතැම් උපාධිධාරීන් පැවසුවේ මීට පෙර නිකුත් කළ ලේඛනයේ තම නම සඳහන්ව තිබුණ ද පෙරේදා නිකුත් කළ ලේඛනයේ නම සඳහන් නොවූ බවයි.

    ඊට විරෝධය පළ කරමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඊයේ කොළඹදී විරෝධතාවක ද නිරත විය.

     

    Latest News