කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක්

ඔක් 06, 2020

    දිවුලපිටිය, කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දිවුලපිටියෙන් ඊයේ හඳුනාගනු ලැබූ රෝගීන් සංඛ්‍යාව එකසිය එකක් වන අතර, අද දිනයේ දී එම කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 607ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට අද තහවුරු කරගනු ලැබූ රෝගීන් නිරෝධායනයේ පසුවන්නන්. ඔවුන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට සහ රාගම ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරිණ.

    Latest News