පොලිස් බල ප්‍රදේශ 17කට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය

ඔක් 07, 2020

    අද (07) සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

    අනුව ගම්පහ කොට්ඨාසයේ පොලිස් ‍බල ප්‍රදේශ 14කට, කැලණිය කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 2කට සහ මීගමුව කොට්ඨාසයේ එක් පොලිස් බල ප්‍රදේශයකට එලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි.

    පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව එලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ පොලිස් කොට්ඨාස පහත පරිදි වේ.

     

    ගම්පහ පොලිස් කොට්ඨාසය

    ගම්පහ පොලිස් බල ප්‍රදේශය

    ගනේමුල්ල පොලිස් බල ප්‍රදේශය

    කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය

    දොම්පේ පොලිස් බල ප්‍රදේශය

    මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය

    මීරිගම පොලිස් බල ප්‍රදේශය

    නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය

    පූගොඩ පොලිස් බල ප්‍රදේශය

    වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය

    මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය

    වීරගුල පොලිස් බල ප්‍රදේශය

    වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය

    පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශය

    යක්කල පොලිස් බල ප්‍රදේශය

    කැලණිය කොට්ඨාසය

    ජා - ඇල පොලිස් බල ප්‍රදේශය

    කඳාන පොලිස් බල ප්‍රදේශය

    මීගමුව කොට්ඨාසය

    දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය

    අදාළ කාලය තුළ මෙම ප්‍රදේශවලට ඇතුළු වීම, එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පොලීසිය අවධාරණය කර සිටින්නේ, නිරෝධායන ඇඳිරි නීති කාලය තුළදී සියලු දෙනා සිය නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවයි.

    තවද දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් මෙම ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවත් ඉහත සඳහන් බල ප්‍රදේශවල බස් රථ නතර කිරීම, මගීන් නංවා ගැනීම හා මගීන් බැසස්වීම තහනම් වේ.

    එසේම නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවල මගීන් නැංවීම, බැස්සවීම සඳහා දුම්රිය නැවැත්වීම ද සිදු නොකළ යුතුය.

    Latest News