ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගයන් නියමිත පරිදි

ඔක් 07, 2020

    මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයන් නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් නිවේදනය කර සිටියි.

    කෙසේ වුවත් ඉදිරි දින කිහිපයේදී ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් ගම්පහ ප්‍රදේශයට සම්බන්ධ විභාග මධ්‍යස්ථාන ගැන විශේෂ අවධානයක් ද යොමු කොට ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

    Latest News