පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රමයක්

ඔක් 07, 2020

    පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වන අයුරින් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය සංශෝධනය කර වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

    ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇති උපදෙස් අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා විදුහල්පතිවරුන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ නිවේදනයේ සඳහන් වේ.

    Latest News