පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කළ යුතුයි - ජනපති

ඔක් 07, 2020

    පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

    විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

    ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙසට එහිදී උපදෙස් ලබා දීමද සිදුවිය.

    එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව ද තහවුරු වේ.

    Latest News