හොරණ රෝහලේ 05 වාට්ටුව වැසේ

ඔක් 10, 2020

    හොරණ මූලික රෝහලේ වාට්ටු අංක 05 වසා දමා ඇති අතර, වාට්ටු අංක 09 හුදකලා කර තිබේ.

    එම රෝහල භාර වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නිරත පුද්ගලයෙකුගේ බිරිඳ හෙද නිලධාරිනියක ලෙස වාට්ටු අංක 05 සේවයේ නිරතව ඇති බවයි.

    කෙසේ වෙතත් රෝහලේ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඇය සඳහන් කළායය.

    මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමගම දිවයින පුරා 8000කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ ය.

    Latest News