කොළඹට පැය 11 ක ජල කප්පාදුවක්

ඔක් 10, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ 1 සහ 11 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීම ඊට හේතුවයි.

    Latest News